ටෙන්ඩර් කොන්දේසි කඩකළාට මිලියන 135 ක් ආපසු ගෙවන්න යයි


(ජයන්ත සමරකෝන්)

කොළඹ මහ නගර  සභාවේ රුපියල්  මිලියන  200 ක වියදමකින්  ගිනි නිවීමේ ජල බවුසර් රථ දෙකක්  මිලට ගැනීම සඳහා පවරන ලද  ටෙන්ඩරයකට කොන්දේසි කඩ කිරීම හේතුවෙන්  අදාල සමාගමෙන් අය කරන ලද රුපියල් මිලියන 135 ක මුදලක් ආපසු ලබා දීමේ  සුදානමක් පවතින බව  එම නගර සභා ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා  දැනටමත් මුදල් කාරක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.

2017 වසරේ පවරන ලද අදාල ටෙන්ඩරයට  අනුව  මාස 3 ක් ඇතුළත  පිට කරන බවට ගිවිසුමට බැදී සිටියද වසර දෙකහමාරකින් එය ඉටු නොකිරීම නිසා අදාළ සමාගම අසාදු ලේඛනගත කර ඇතැයිද දැනගන්නට තිබේ.