(තරිඳු ජයවර්ධන)
ටීඑන්එල් රූපවාහිනියේ වැඩ කටයුතු යළි කරගෙන යෑමට හැකි ඉක්මණින් අවස්ථාව දිය යුතු බව තම පෞද්ගලික අදහස යැයි සෞඛ්‍ය ඇමැති හා කැබිනට් සම ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඇමැතිවරයා ඒ බව පැවසුවේ අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ටී එන් එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට විදුලි සංදේශ නියාමන කොමිසම ඊයේ සීල් තැබීය. එම ආයතනය ඊයේ නිවේදනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ගොස් සීල් තැබූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ටීඑන්එල් රූපවාහිනිය සීල් තැබීමට තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී නොවූ බවයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී ජයතිලක මහතා අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනුයේ ගුවන් විදුලි විකාශනාගාරය හා සම්බන්ධ කටයුතු අදාළ පනත උල්ලංඝණය කිරීම නිසා සිදුවූවක් මිස වෙනත් කිසිදු අරමුණක් එහි නැති බවයි.
මේ වනවිට එම බස්නාහිර වයඹ හා සබරගමුව පලාත්වල ප‍්‍රදේශ රැසක විකාශන කටයුතුවලට මෙම තත්ත්වය යටතේ බාධා පවතින බව ටී එන් එල් රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා ඊයේ (06) ප්‍රකාශ කර තිබුණි.
මුදල් නොගෙවීමේ හේතුවක් පෙන්වමින් විකාශනාගාර උපකරණ ගලවතත් විකාශනාගාර පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට ගෙවිය යුතු සියලූ මුදල් ගෙවා ඇතැයි ද , වසර විසිපහක් පැරණි තම රූපවාහිනියට මෙවැනි චෝදනාවක් මීට පෙර එල්ල වී නැතැයි ද වික්‍රමසිංහ මහතා ඊයේ කියා තිබුණි.
ලංකාවේ මුලින්ම රූපවාහිනී නාලිකවාක් ආරම්භ කිරීමේ මූලිකයා වූයේ ශාන් වික්‍රමසිංහ මහතාය. තවත් දෙදෙනකු සමඟ එක්ව ආරම්භ කළ එම රූපවාහිනී නාලිකාව ස්වාධීන රූපවාහිනී සේවය ලෙස නම් කළේය.