ටී එන් ඒ තහනම් කරනු


දෙමළ ජාතික සංධානය තහනම් කළ යුතු යැයි  නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ විසිර යෑමේ උත්සවයකදී කීය.

එම සංධානය දෙමළ ජනයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන  බවත් ඔවුන්ගේ යහපත වෙනුවෙන්  කිසිවක් නොකළ බවත්  ඔහු  පැවසීය.

රජයට එරෙහි නොයෙක්  කුමන්ත්‍රණ කරන එම සංධානය ශ්‍රී ලංකාවට හිතවත් නැතැයිද ඔහු  සදහන් කළේය.