(එෆ්.අස්ලම්)
උතුරු නැගෙනහිර පළාත්වලින් පමණක් මැතිවරණවලට තරග කළ දෙමළ ජාතික සන්ධානය ඉදිරි මැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන්ද තරග කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි එම සන්ධානයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය මූලිකත්වය ගනිමින් එම සන්ධානයේ ටෙලෝ හා ප්ලොට් පක්ෂ සමගින් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද පැවසේ.
වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ ගණනාවක දෙමළ ජනතාව බහුලව ජීවත්වීමත් ඒ අතරින් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වලින් කොළඹට පැමිණි පදිංචිකරුවන් වීමත් ඒ ජනතාවගේ ඉල්ලීම මත මේ කෙරෙහි අවධානය යොමුකර සාකච්ඡා කර සිටින බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පසුගියදා බම්බලපිටියේ පැවති එම පක්ෂයේ රැස්වීමකදීද අවධාරණය කර තිබුණි.

