බිඟුන් මේනක ගමගේ
ටී.එන්.එල් විකාශනාගාරය මුද්‍රා තැබීම තරයේ හෙලා දකින්නේ යැයි ද එයින් පිළිබිඹු වන්නේ යහපාලන රජයේ මාධ්‍ය නිදහසේ තරම යැයි ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදුලි සංදේශ නියාමන කොමිසම හරහා ආණ්ඩුව මාධ්‍යට බලපෑම් කරන බවට චෝදනා කරන එම සංගමය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර කිරීමෙන් මින් පෙර ද එය මනාව තහවුරු කළේ යැයි ද කියයි.
ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස ඇති කිරීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇතිනම් මෙම කොමිසම දැන්වත් දේශපාලන ග්‍රහණයෙන් නිදහස් කළ යුතු යැයි ද එමගින් අවධාරණය කර ඇත.
ජනමාධ්‍ය මුද්‍රා තබා ආණ්ඩුවට එරෙහි මත වැළැක්වීමට නොහැකි යැයි ද ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ජනතාව දුන් පොරොන්දු ඉටු කිරීම මිස ජනමාධ්‍ය පාලනයට දේශපාලන බලය යොදාගැනීම නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.