ටී.අයි.එන් අංකය කාලය කල් දැමේ


(රන්ජන් කස්තුරි)

රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ටීඅයිඑන් අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ද එම ආරංචි මාර්ග කියයි.

බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි මස 1 වැනිදා සිට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට ටීඅයිඑන් අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් මස වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ගය කියයි.