ටිල්වින්ගේ කතාව වැරදිලු


මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දුන්නේ තමාගෙන් විමසා යැයි ජවිපෙ ලේකම් කියා තිබූ ප්‍රකාශයේ සත්‍යතාවක් නැතැයි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා කියයි.

ඔහු මේ බව කියනුයේ සිය ෆේස්බුක් පිටුවේ සටහනකිනි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ දෙවැනි තැනට සිටියේ වර්ණසූරිය මහතා ය.

මෙවර ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඒ සඳහා හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කරනු ලැබූහ.