හිටපු මන්ත්‍රී ටිරාන් අලස්ට මාසයක කාලයක් සඳහා රටින් පිටවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (3) අවසර ලබාදුන්නේය.
මීට මාස කිහිපයකට පෙර අධිකරණය විසින් ඔහුගේ රට ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. 2004 සුනාමි සමයේ උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ආයතනයේ (රාඩා) මුදල් ප්‍රතිසංවිධානයට දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.
ටිරාන් අලස්ගේ නීතිඥවරු මෝසමක් මගින් ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා එක්සත් රාජධානියට යාමට අවසර ඉල්ලා සිටියහ.
ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා කාලය තුළ විදේශ ගතවීමේ අවසරය හිමිවිය.

