නීතිමය පදනමක් නොමැතිව තමාව අත්අඩංගුවට සූදාමක් පවතින බවත් ,එලෙස අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන අතුරු නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍ර ටිරාන් අලස් මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේය.
පොලිස්පති,පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි මෙවන් සිල්වා,එහි පොලිස් ස්ථානාධිපති,පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
හිටපු ජනාධිපතිවරයා ගේ සමීපතමයෙකු වන තමාට එරෙහිව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බවත්.අමාත්‍ය පාඨලි චම්පික රණවක ගේ උපදෙස් මත තමාව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවද පෙත්සමේ සදහන්වේ.හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල ඉවත්වීම පදනම් කර ගෙන එම අමාත්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු කරන බවත්.,2005 දි රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කල තමන් ඉන් කිසිදු ලාභ ප්‍රයොජන නොගත් බවද පෙත්සම්කරු කියා සිටි.

