රාඩා ආයතනයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි 12.4ක වංචා සම්බන්ධයෙන් සැකපිට රාඩා ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

