ටිරාන් ඇල්ලීමේ තහනම 30 ට කල් යයි


තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 30 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.

මෙම පෙත්සම  අගවිනිසුරු ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණ ද අගවිනිසුරුවරයා නොමැතිවීම හේතුවෙන් කල් තැබිණි.

අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට තිබූ සහතිකවීම 30 වැනිදා තෙක් එලෙසින්ම පවත්වා ගෙන යාමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා එකඟ විය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ යව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

පොලිස්පති, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, එම ඒකකයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ඕ .ඩී.පී. ගුණතිලක, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකරී රුවන් ගුණසේකර ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.