පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනයේ ව්‍යාජ හැඳුනුම්පතක් පැළඳ ජනතාව හසුරුවමින් සිටි අයෙක් 29 දින සවස ප්‍රදර්ශන භූමියේදී පේරාදෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර අරුප්පල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 පුද්ගලික පන්ති පවත් වන තරුණයෙකි. ගම්පොළ ප්‍රදේශයේ ඔහු තම පන්ති පවත්වාගෙන යන අතර සිසුන්ට ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති බවත් ප්‍රදර්ශනය නැරඹීමට සියලුම සිසුන්ට පැමිණෙන ලෙසත්ය. ඒ අනුව සිසුන් තිහක් පමණ බස් රථයකින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇත. ඒ අනුව ඔහු සිසුන්ට පෙනෙන ආකාරයට ජනතාව පෝලිම හැසිරවීම ආදී සංවිධාන කටයුතු සිදු කර ඇති අතර මේ අවස්ථාවේදී වෛද්‍ය සිසුන් දෙදෙනකුට මොහු ගැන සැක සිතී පොලිසියට දැනුම් දීම අනුව පොලිස් ස්ථානාධිපති කමල් ආරියවංශ මහතා විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. ඔහු පැළඳ සිටි හැදුනුම් පත පරික්ෂා කිරීමේදී එය ව්‍යාජ බව වෛද්‍ය විද්‍යාල පීඨාධිපති මහාචාර්ය ළමාවංශ මහතා සඳහන් කරයි.


