ටිකිරි ගිණුමේ තැන්පතුත් හොයනවාලු


මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අද (14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය 6ක් පුරා ප්‍රශ්න කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමක් මත රාජපක්ෂ මහතා පෙරවරු 10ට එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4 දක්වා පැවැත්විණි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පැවසූවේ තමන් කුඩා කාලයේ බැංකු පොතේ තැන්පත් කළ ටිකිරි ගිණුම්වල මුදල් පිළිබඳ සෙවීමට පොලිසිය පුදුමාකාර ලෙස උනන්දුවන බවත් මෙම උනන්දුව රටේ අපරාධ මැඩලීමට යොදන්නේ නම් මේ රටේ අපරාධ මැඩලිය හැකි බවත් පැවසීය.