දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පකිස්ථාන අවසන් තරගයේ ටිකට් සියල්ල (16000) විකිණී අවසන් වීමත් සමග මහා තදබදයක් ඇතිවිය.
දඹුල්ල අනුරාධපුර මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පැවැතියේය.දහ දෙළොස් දහසකට අධික පිරිසක් ක්‍රිකට් තරගය නැරඹීමට ඊට ඇතුළු වීමට පොරකති. එසේ ඇතුළු වීමට ගිය පුද්ගලයකුගේ ඇඟිල්ලක් ද කැඩී තවත් කිහිපදෙනකුට තුවාල සිදුව ඇත. දඹුලු ක්‍රිකට් ඉතිහාසයේ මෙතරම් පිරිසක් තරගයක් බැලීමට ආ මුල් අවස්ථාව මෙයයි.
(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)
(ඡායාරූප-දමින්ද විජේසුරිය)









