ජුඩ් සමන්ත.
ටැමඩෝල් පෙති 8600 ක් ත්‍රිරෝද රියකින් රැගෙන ගිය කාන්තාවක් සහ ත්‍රී රෝද රථ රියදුරකු ඉහළගමදී අද (28) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.
කාන්තාවක් ත්‍රි රෝද රථයකින් ටැමඩෝල් පෙති තොගයක් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව කළ වැටලීමේදී සැකකාරිය ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථයේ තිබී ටැමඩෝල් පෙති 2600 ක් පොලිස් බාරයට ගෙන ඇත. ඇය පදිංචි මාදම්පේ ඉහළගම ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක් පරීක්ෂා කරන විට එහි තිබී තවත් ටැමඩෝල් පෙති 6000 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාරිය පිටස්තර ප්‍රදේශ වලින් ටැමඩෝල් පෙති ගෙනැවිත් මාදම්පේ සහ හලාවත අවට බෙදා හරින බවට විමර්ශණ වලදී හෙලිවී ඇත.
මානසික ලෙඩුන් සඳහා වෛද්‍යවරයකුගේ නිර්දේශ මත මෙම පෙති ලබාදේ

