(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ටැමඩෝල් පෙති අළෙවි කිරිම සඳහා දහසක් ලග තබාගත් 28 හැවිරිදි පුද්ගලයෙකු තම්මැන්නාපුරදි අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම තම්මැන්නාපුර ලිපිනයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ටැමඩෝල් පෙති ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ තරුණයන්ට අළෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් ඔහුගේ නිවස පරික්ෂා කල අවස්ථාවේදි මෙම ටැමඩෝල් පෙති දහස සොයා ගෙන තිබුණි.
ඔහු මෙම පෙති වර්ගය කුරැණැගල ගිරිබාව ප්‍රදේශයෙන් රැගෙන ආ බව ප්‍රශ්න කිරිමේදි අනාවරණයවු බව පොලිසිය කියයි.
සැකකරු අද (08)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

