ට්‍රැක්ටරය පෙරළී 17 හැවිරිදි සිසුවා මරුට


(චාපා මධුභාෂීණි සහ ක.ග. කරුණාරත්න)

පස් පිරවූ ට්‍රැක්ටරයක් පෙරළීමෙන් එය පැදවූ මින්නේරිය පුරාණගම රත්මලේ ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.   අක්කරකොටුව වෙල්යායක දී මෙම අනතුර සිදුව ඇති අතර කුඹුරේ උස් තැනකින් කැපූ පස් එම කුඹුරේම පහත් තැනකට  රැගෙන යමින්  සිටියදී බව පොලිසිය කියයි. ට්‍රැක්ටරය පෙරළෙනවත් සමග සුක්කානමට එම සිසුවා යටවී ඇත.

 

ඡායා චාපා මධුභාෂිණි