ට්‍රම්ප්ගේ අදහසට සෞඛ්‍ය බලධාරීන්ගේ විරෝධය


ඉතා ඉක්මනින් රට විවෘත කළ යුතු බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට එරට මහජන සෞඛ්‍ය බලධාරිහු ඔවුන්ගේ විරෝධය පළ කර ඇත.
 
 ඉතාම ඉක්මනින් රට නැවත විවෘත කරන බවත් ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පැවැසීය.
 
 ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
  
රට ඉතා ඉක්මනින් නැවත විවෘත කර ආර්ථික කටයුතු ආරම්භ කළ යුතු බවට වන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණ‍යට එරට මහජන සෞඛ්‍ය බලධාරිහු ඔවුන්ගේ දැඩි විරෝධය සහ අකැමැත්ත පළ කර ඇත.
 
 ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස රට නැවත විවෘත කිරීමට උත්සාහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙන මොහොතකය.
"තවත් බොහෝ කාලයක් යනතෙක් කොවිඩ්-19 වයිරසය මනුෂ්‍ය වර්ගයා ලුහුබඳීවී. දඩයම් කරාවි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙක් අනතුරු ඇඟවීය.
  
ඉරිදා දහවල් වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 530,000 ඉක්මවා ගොස් තිබිණි . එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 21,000කට ආසන්න විය.
 
ද ගාඩියන් 
 055