ට්‍රක් රථය ට්‍රාන්පෝමරයේ ගැටී තුනක් මරුට


කටුනායක 18 කණුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් අද අලුයම 2.00 පමණ අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රයක් සවිකර තිබූ විදුලි කණු දෙකක ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. නාවලපිටියේ ආර්. ඩබ්ලිව්.දයානන්ද, මාතලේ එන්.ජී. ධනුෂ්ක සහ මහව ආර්.එම්.සුරංග පුෂ්පකුමාර යන තිදෙනාමියගොස් ඇත. තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. කටුනායක පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
 
ඡායා.ටි.කේ.ජි.කපිල