හල්දුම්මුල්ලේ සීලතැන්න රජයේ ටර්පන්ටයින් රක්ෂිතයේ අක්කර 10ක් පමණ දැනට ගින්නෙන් විනාශවී ඇතැයි වන නිලධරයෝ කියති.
ගින්න නිවීමට උත්සාහ කළ බීට්ටු වන නිලධරයකු පිළිස්සී රෝහල් ගත කළ බවත් වියළි කාලගුණයත් සමග ගින්න නිවීම ලෙහෙසි පහසු වැඩක් නොවන බවත් නිලධරයෝ කියති.
කිසිවකු ගිනි තබන්නට ඇතැයි ඔවුහු සැක කරති.
මේ රක්ෂිතය අක්කර 50ක් පමණ විශාලය.

