ටයි මහත්තයාට අවසන් බුහුමන්


අභාවප‍්‍රාප්ත සම්මානීය කලා ශිල්පි කලාසුරි ටයිටස් තොටවත්ත මහතාගේ දේහය ඒ මහතාගේ රාජගිරිය නවල පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ. පාසල් දරුවන්, කලාකරුවන් ඇතුළු පිරිස ඔහුට අවසන් ගෞරව දැක්වීමට ඇදී එති. දොස්තර හොඳහිත වැනි කාටුන් හා හඳයා වැනි ළමා චිත‍්‍රපටවලින් ඔහු දරුවන් අතර ජනප‍්‍රිය නමක් දිනා ගත්තේය.