ටකරන් මඩුවෙන් පැෂන් මැදුරට
පානදුරය මූලස්ථානය කැරගත් ඒ එස් බී පැෂන් ආයතනය සිය සොළොස් වැනි සාප්පුව වත්තල දී අද විවෘත කළේය.
නවතම විලාසිතා අනුව ළමා කාන්තා හා පිරිමි ඇඳුම් මේ සාප්පු වල අළෙවි කැරේ.
ටකරන් මඩුවකින් අම්බලන්ගොඩ නගරයේ මුලින්ම ඇරඹූ සිය ව්‍යාපාරය අද රට පුරා විසිරී සිටින තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථාවන් ලබා දි ඇති බවත්, ඉතා කෙටි කාලයකදී පාරිභෝගික විශ්වාසය දිනා ගත හැකි වු බවත් ඒ එස් බී පැෂන් හි අධ්‍යක්ෂිකා ටී ඒ කේ ඩී ජීවන්ති මහත්මිය කියන්නීය.

