ඥානසාර හිමියෝ රතනහිමි බැහැදැකීමට යති


(ඩයනා උදයංගනී)

ඇමති රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට බොදුබල සේනා සංවිධානයයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (02)  පැමිණියහ.
 
අතුරලියේ රතන හිමියෝ ඉකුත් සිකුරාදා මෙම උපවාසය ආරම්භ කළ අතර අද (02) වන විට තුන්වන දිනටත් උන්වහන්සේ මෙම උපවාසයේ නිරතව සිටිති.