ඥානසාර හිමියෝ ජනපති හමුවෙති


(ඩයනා උදයංගනී)
            
ජනපති පොදු සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිය මෑණියන් සමඟ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූහ.
            
පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී උන්වහන්සේගේ මව ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළාය.
            
ඥානසාර හිමියෝ සහ උන්වහන්සේගේ මව ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක ද නිරත වූහ.