ඥානසාර හිමිත් අධිකරණයේ


අත් අඩංගුවට ගැනීමට නියමව සිටි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සැකකරුවන් තිදෙනා අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ පෙනී සිටියහ.

කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනාවන්ට සැකපිට ඔවුන් අධිකරණය හමුවට කැඳවා තිබිණි.

අධිකරණයේ පෙනී සිටීමට පැමිණෙමින් සිටියදී මාර්ග තදබදයකට අසුවූ බවත් එබැවින් පෙරදින අධිකරණයට නොපැමිණි බවත් ඥානසාර හිමියෝ මාධ්‍ය හමුවේ කීහ.

සාමාන්‍ය බෞද්ධ ජනයන් මුහුණ දෙන අනේක විධ ව්‍යසනයන් දෙස බලා නොසිටිය හැකි නිසා තමන් ඉදිරිපත් වීම මෙසේ අපරාධකරුවන් ලෙස උසාවි ඒමට හේතුවූ බවද ඒ හිමියෝ පැවසූහ. බෞද්ධයන් මුහුණ දෙන ගැටළු වෙනුවෙන් මහනායක හිමිවරු ඇතුළු බලධාරීන්ගේ නිවටකම හේතුවෙන් ඔවුන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවද ඥානසාර හිමියෝ කීහ.

1ac404be86c0b65da8cf0b1e201510133ecf5d32ef8ef764a264bad0b0855b9843cca616 2015101309c87c18eaf075bff1d5c8791df0030