ඥානසාර හිමිත් අත්අඩංගුවට ගන්න වරෙන්තු


නඩු විභාගයක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (12) වරෙන්තු නිකුත් කළේය.

ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනා සඳහා ඥානසාර හිමි ඇතුළු පිරිසකට අධිකරණයේ නඩුවක් ‍ගොනු කර තිබිණි.

නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල් තැබිණි.