තිළිණි ද සිල්වා
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමු කර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ලිපියක් යොමු කර ඇත.
ත්‍රෛනායික මහානායක හිමිවරුන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී.අරුක්කන්ත් මහතා විසින් ද වෙන් වෙන් වශයෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම් සිදුකර ඇති බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම් පිළිබඳ කාරුණිකව සැළකිල්ලට ගෙන එයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.