අලුත්ගම හා බේරුවල පසුගිය 15 වැනි දා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් රහස් පොලිසියේදී ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
දහවල් 1ට පමණ ඒ රහස් පොලිසියට වැඩම කළ ඒ හිමියන් පස්වරු 3.45 වන විටත් එහි සිටි බව දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
මේ වන විට 117 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 88 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.

