(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළැයි පවරා ඇති නඩුවේ තීන්දුව අගොස්තු 08 වැනිදා ලබා දෙන්නැයි අභියාචනාධීකරණය අද (18) නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳවිණි.
2016 ජනවාරි මස 26 වැනිදා හෝමාගම අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේදී කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වු රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
දීර්ඝකාලීන නඩු විභාගයකින් අනුව පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අවසන් කරමින් මෙම නඩුවේ තීන්දු 08 වැනිදා ලබාදීමට අද අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
(36698)