(තිළිණි ද සිල්වා)
බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු කරමින් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකින්නන් ලැබූ ජයග‍්‍රහණයක යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
එම සංවිධානය වෙනුවෙන් එහි දකුණු ආසියා කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඔමාර් වරායිච් මහතා අද (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන සියලූ දෙනා සඳහා මෙය වැදගත් අධිකරණ තීන්දුවක් යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.
යුක්තිය සෙවීමට උත්සාහ කරන ජනතාව බිය ගැන්වීම ,තර්ජනය කිරීම සහ නිහඬ කිරීමට උත්සාහ කරනා පුද්ගලයින්ට මෙම තීන්දුව හරහා පැහැදිලි පණිවිඩයක් නිකුත් වී ඇති බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන දකුණු ආසියා කලාපය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂක ඔමාර් වරායිච් සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.