ජ‘පුර රෝහලේ පාලනය විසිරැ වෙයි


ප‍්‍රති සංවිධානය කිරීමේ අදහසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (11) සිට විසුරුවා හළ සෞඛ්‍ය අමාත්‍යංශය ලබන සතියේ සිට නව පාලක මණ්ඩලයක් පත් කිරීමට යයි. සභාපති ද සෞඛ්‍ය ඇමැති නියෝජිතයෝ තිදෙනෙක් ද විශේෂඥ වෛදවරු දෙදෙනෙක් ද, අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුළු වූහ. මීට අමතරව රෝහලේ අධ්‍යක්ෂ සෞඛ්‍ය සෙවා අධ්‍යක්ෂ ජනරාල් සහ භාණ්ඩාගාර නියෝජිතයෙක් ඊට නිලබලයෙන් පත්වෙති.