වෙරෝනා නුවර වෙන්නප්පු ජෝශප් වාස් විදුහල් ආදී ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් පසුගියදා වෙරෝනා නුවරදී පැවැත්විණි.
උඩවලවේ ඥණානන්ද හිමියන් ,ඇන්ටන් රංජිත් පියතුමන් රෝමයේ උප තානාපතිනි රාණි බුලත්වෙල වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති වික්ටර් සුසන්ත මෙහි ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ඉතාලියේ කැරම් ශුරයා වෙමින් යුරෝපා කුසලානයට සහභාගී වූ අයේෂ් නිලාන් වැන්ඩලන් හා ඉතාලි පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි නිළලත් පුහුණුකරු වශයෙන් තේරීපත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන උපුල් චමිත් ප්‍රනාන්දු මෙහිදී ඇගැයිමට ලක් වුහ .
උපුල් එම තනතුරට පත් වු ප්‍රථම ශ්‍රී ලාංකිකයාය.