ජෝර්ජියාවේ රාත්‍රී ඇඳිරි නීතිය පනවයි


කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා ජෝර්ජියාවේ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

රාත්‍රී 9.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර එම නියෝග මාර්තු 31 වන දින සිට ක්‍රියාත්මක වේ.

තිදෙනකුට වැඩි පිරිසකට එකට රැස්වීමද තහනම් කර ඇත.

මිලියන 3.7ක ජනගහනයක් සිටින ජෝර්ජියාව කොකේසියාවේ දකුණු දිග පිහිටි රටකි.

මේ වනවිට ජෝර්ජියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 98ක් වාර්තා වන අතර මරණ කිසිවක් වාර්තාවී නොමැත.

රෝගීන් 18 දෙනකු සුවය ලබා තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)