ජෝඩුවම ඩී.අයි.ජී


(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නමක් රඳවමින් පළමුවරට අඹුසැමි යුවළක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරමින් සිටිති.

මෙම අවස්ථාව උදා වූයේ නියෝජ්‍ය පොලිස්පතිනී ශිරානි සෙනෙවිරත්න මහත්මියට සහ ඇගේ ස්වාමියා වන නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යන දෙපළටය.

උප පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකයකු ලෙසින් 1988 වර්ෂයේ පොලිස් සේවයට එක්වන ශිරානි සහ මහින්ද මුල්ම පත්වීම ලැබෙන්නේ රහස්‍ය තොරතුරු කාර්යාංශය (එන් අයි බී) ටය.

ශිරානි සෙනෙවිරත්න 2008 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස්වීම් ලබන අතර ඇය, රහස් තොරතුරු කේන්ද්‍රයේ රාජකාරි කිරීමෙන් පසු, නියෝජ්‍ය පොලිස්පති තනතුර ලැබෙන තෙක්ම සේවය කළේ රාජ්‍ය බුද්ධි සේවයේය.

උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වන මහින්ද ගුණරත්න මහතා 1998 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලබන අතර, නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වන්නේ 2016 වර්ෂයේදීය. ජනාධිපති ආරක්ෂක දිසාව භාරව දීර්ඝ කාලයක් රාජකාරි කළ මහින්ද ගුණරත්න මහතා, විශේෂ ආරක්ෂක දිසාව, කිලිනොච්චිය, කෑගල්ල යන දිසා භාරව කටයුතු කිරීමෙන් පසු මේ වන විට කළුතර දිසාව භාරව රාජකාරි සිදුකරමින් සිටින්නේය.

ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයේදී දැන හදුනාගෙන විවාහ දිවියට එළැඹුණූ මෙම දෙපළට දරුවන් දෙදෙනකු- සිටිති.

නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න


 

නියෝජ්‍ය පොලිස්පතිනී ශිරානි සෙනෙවිරත්න මහත්මිය