ජෝජියාව පළමු ජය ලබයි


නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජය ලැබීමට ජෝජියාව සමත් විය. ජෝජියාව අද (28) පැවැති තරගයේදී රුමේනියාවට එරෙහිව ලකුණු 25-9 ක් ලෙස ජය ලැබීය. ජයග‍්‍රාහි ජෝජියානු පිල ගෝලයකින් සහ දඩුවම් පහර හයකින් ලකුණු ලැබූ අතර දඩුවම් පහර තුනකින් රුමේනියාවට ලකුණු එකතු විය.