ජෝ අබේවික‍්‍රම කලූරිය කරයි


ශ්‍රී ලංකාවේ අසහාය නළුවකු මෙන්ම දෙස් විදෙස් සම්මාන ලැබූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා(84) අද සවස අභාවප‍්‍රාප්ත විය. විකට චරිත රගපාමින් සිනමාවට පිවිසි ඔහු පසුව විවිධ චරිත වලට පණ දුන්නේය. එතෙර සිනමා සම්මාන ද දිනා ගත් ජෝ නමක් දිනා සිටියේ තාත්වික රංගනයේ උපන් හැකියාව ඇති නළුවකු ලෙසයි. ඔහු වරක් දැව සංස්ථාවේ සභාපතිවරයා ද විය. 1927 දී පැල්මඩුල්ලේ ලෙල්ලොපිටියේ උපත ලද ඔහු දේව සුන්දරී චිත‍්‍රපටයෙන් රංගනයට පිවිසියේය. සාරවිට චිත‍්‍ර චිත‍්‍රපටයෙන් මුලින්ම හොඳම නළුවා වශයෙන් ද සම්මාන ලැබූ ජෝ කිහිපවරක්ම සරසවි සම්මානයට පාත‍්‍රවිය. ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ද විය. දෙදරු පියෙකි.