ජෝ අද යන්නම යයි


අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතාගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ දී අද (23) සවස සිදු කිරීමට පෙර මහජන බුහුමන් සඳහා දේහය කොළඹ කලාභවනේ පැය කිහිපයක් තබා තිබිණි. කලාකරුවෝ ද දේශපාලනාඥයෝ ද ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහත්වරු ද ඒ අතර වූහ.