ජොනීගෙ කූඩෙ තේ දල්ලටත් එයි
තේ දළු ප‍්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ද පියවර ගෙන ඇත. තේ දළු සා දළුවලට විශාල වශයෙන් හානි සිදුවීම වළක්වා ලොව ඉහළින්ම ඇති ‘සිලොන් තේ‘ නාමය තවත් ඉහළට ගෙනයාම අරමුණ බව අමාත්‍යාංශය කියයි. ගුණාත්මක අතින් ඉහළ තේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා කිහිපයක් මේ වනවිටත් ප්ලස්ටික් කූඩ භාවිතා කරයි.

