ජොන්ස්ටනුත් ඉහළ උසාවියට යයි


තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් හිටපු වෙළඳ හා සමූපකාර අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නෛතික භාවය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍යවරයා ගොනු කළ මෙම පෙත්සමේ  අගමැති, අමාත්‍ය  මණ්ඩලය, පොලිස්පති ,පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු 44 දෙනෙක් වගඋත්තරකරුවෝ ලෙස  නම් කරනු ලැබ සිටිති.