ජොන්ස්ටන්ට එරෙහිව සාක්කි දෙන්න හිටපු ජනපති ලේකම් එයි


(නිමන්ති රණසිංහ)


සිය වත්කම් බැරකම් ප්‍රකාශන නිසි බලධාරීන්ට ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් දෙපාර්තමේන්තුවට  සාක්කි ලබා දීමට හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්  මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද පෙනී සිටියේය.


සිද්ධියට අදාළ  සාක්කි විභාගය ජුලි 26 තෙක් කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර හිටපු අමාත්‍යවරයා ද  අද අධිකරණයේ පෙනී සිටියේය.