(ඉන්දිකා රාමනායක)
උතුරු පළාතේ නිවෙස්වලට කඩා වැදී පුද්ගලයින්ට කඩු සහ මන්නා පිහිවලින් පහර දී රන් බඩු හා මුදල් කොල්ල කෑමේ නිරත අපරාධ කල්ලියක් වන ජොන්සන් කල්ලියේ නායක ජොන්සන් සහ ඔහුගේ ප‍්‍රධාන ගෝලයා වන ලූකස් මුලතිව් පුදුකුඩුඉරුප්පු පොලිසියේ කණ්ඩායමක් විසින් අද(20) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම කල්ලි නායකයා වන අන්තෝනි පිල්ලේ ජෝන්සන් (38) නමැත්තා ඇතුළු පිරිසට නිවෙස්වලඩ කඩා වැදී පහර දී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වරෙන්තු 25 ට අධික ප‍්‍රමාණයක් උතුරු පළාතේ පොලිස් ස්ථානවලින් ඇති බවද උසස් පොලිස් නිලධාරියකු කීය.
සැකකරුට වරෙන්තු ඇති එම පොලිසි අතර පුදුකුඩිඉරුප්පු, මුලතිව්, කිලිනොච්චි, පලෙයි, පුනරින්, නච්චිකුඩා, ඔඞ්ඩුසුඞ්ඩාන්, නැදුන්කර්නි, මන්නාරම, අඩම්පන්, යාපනය, වව්නියාව යන පොලිස් ස්ථාන වන බවද පොලිසිය කියයි.

