ජොන්සටන් කෝටි 50ක වන්දි ඉල්ලා උසාවියේ


සතොස මුදල් වංචා කළැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවත් ,ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ පෙත්සම ලබන 30 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළේය.

චන්ද්‍රා ඒකනායක , සරත් ආබෘෘ, උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි. එසේම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි පෙත්සමේ වගඋත්තරකරුවන් වන මූල්‍ය වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ,එහි ස්ථානාධිපති ,අගමැති රනිල් වික්‍රමසිංහ ,කැබිනට් මණ්ඩලය ඇතුළු 45 දෙනාට ලබාදීමෙන් පසු පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.