ජේලර්ලාගේ මෝඩ ක‍්‍රියාවට ගාලූ ලොක්කා සමාව ගනී


බලපිටිය උසාවියේ නඩුවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීනට අවහිර කළැයි කියන ගාල්ල බන්ධනාගාර පිරිස ගැන පරීක්‍ෂණයක් පවත්වන බව කියන ගාල්ල බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව්.ඒ.ඞී.සී. කරුණාසේකර මහතා ඒ ගැන මධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. මේ සිද්ධිය ලංකාදීප එසැණින් වාර්තාවීමත් සමග බන්ධනාගාරය එම පියවර ගත්තේය. තොරතුරු වාර්තා කිරීමට මාධ්‍යවේදිනට ඇති අයිතියට ගරු කරන බව ඔහු කියයි. එම පිරිස තමනට තර්ජනය කැර අසභ්‍ය ලෙස බැන වැඳුණු බව මාධ්‍යවේදියෝ අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කළහ.