ජේ. ඊ ජයසූරිය සමරු මුද්දරයක්


(නිමල කොඩිතුවක්කු)

ගණිත විෂය සංවර්ධනය උදෙසා මහඟු සේවයක් සිදුකළ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතාගේ සිය වන ජන්ම දිනය නිමිති කරගෙන සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද(14) නිකුත් කරන ලදී.

එය මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්. වී. ඩී. අයි අබේවික්‍රම මහතා විසින් කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නා හිමියන් වෙත කොළඹ පදනම් ආයතනයේදි පිළිගැන්වූහ.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, මහාචාර්ය ජේ. ඊ ජයසූරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය දයනාත් ජයසූරිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අංශය සහ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය පදනම එක්ව මෙය සංවිධානය කළ අතර මෙම අවස්ථාවට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ මූළිකත්වයෙන් ගණිත විෂයේ ජ්‍යාමිතිය තේමාව යටතේ කථිකාවක්ද පැවැත්විණි.

මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතා විසින් රචිත සිංහලයට පරිවර්ථනය කරන ලද කෘතියක් සහ ආචාර්ය දයනාත් ජයසූරිය මහතා විසින් රචිත කෘතියක්ද කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නා හිමියන් වෙත එහිදී පිළිගන්වන ලදී.


ඡායාරූපය - ළහිරු හර්ෂණ