(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තුව විසුරුවා හළ දිනයේ සිට මාස තුනක කාලයක් තුළ නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වුවද මහ මැතිවරණය පැවැත්වීම ලබන ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට රජය කටයුතු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි සභාපති පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මුලික අයිිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.
පසුගිය මාර්තු මස 02 වැනිදා පසුගිය පාර්ලිමෙන්තුව විසුරුවා ඇති හෙයින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථානුකූලව ලබන ජුනි මස 02 වැනිදාට පෙර නව පාර්ලිමෙන්තුව රැස්විය යුතු බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කොට ඇත.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි සභාපති පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉදිරිපත් කරන ලද මෙම මුලික අයිිතිවාසිකම් පෙත්සම් දෙකේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතීපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ එහි සාමාජිකයින්ද ජනාධිපති ලේකම්වරයා, නීතීපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා ඊළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බව ව්‍යවස්ථාවේ සදහන් කොට ඇතැයි මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් දැනුම් දුන් පෙත්සම්කරුවන් ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුව පසුගිය මාර්තු මස 2 වනදා විසුරුවා හළ හෙයින් අතර ව්‍යවස්ථාව පතිපාදනවලට අනුව ලබන ජුනි මස දෙවනදාට පෙර ඊළඟ නව පාර්ලිමේන්තුව රැස්වීය යුතු බවද පෙන්වා දී ඇත.
ව්‍යවස්ථානුකූල තත්වය එය වුවත් මහ මැතිවරණය පැවැත්වීම ලබන මස 20 වැනිදා තෙක් කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයිද එය ව්‍යවස්ථා වීරෝධී බවද පෙන්වා දෙන පෙත්සම්කරුවෝ කොරෝනා වසංගතය දීප ව්‍යාප්තව පැතිරගොස් ඇති හෙයින් මහ මැතිවරණයක් පවත්වනු ලැබුවොත් මහජනයාට නිදහසේ ඡන්දය දිමට කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව ද පෙන්වා දී සිටිති.
ඒ අනුව පාර්ලිමේන්තු මහා මැතිවරණය ලබන ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

