ආරියරත්න රණබාහු
ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (28) අපවත් වූහ.
භාරතයේ ප්‍රධාන සංඝනායක ධූරයද හෙබවූ උන්වහන්සේ අපවත් වන විට 72 වන වියේ පසුවූහ.
ඥනරතන හිමියෝ කොළඹ මාලිගාකන්ද විදද්‍යෝදය පිරිවණේ අධ්‍යාපනය ලැබූ අතර 1973 වසරේ ශ්‍යාමි රාජ ත්‍යාගය දිනාගෙන වසරේ දිප්තිමත්ම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්හ.
උන්වහන්සේ 1976දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් අතර 1980 දී ඉන්දියාවට වැඩම කර ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගත්හ.
එහිදී උන්වහන්සේට කඹුරුපිටියේ චන්ද්‍රරතන , ගලගෙදර පඤ්ඤානන්ද සහ මහචාර්ය වරාගොඩ ප්‍රේමරතන නාහිමිවරුන්ගේ සහය හිමිව තිබේ.
1989දී ලක්නව් විශ්ව විද්‍යාලයෙන්ම අචාර්ය උපාධිය ලබා ගත් උන්වහන්සේ එංගලන්තයේ බර්මින්හැම්ග් නුවර ඇස්ටන් බෞද්ධ විහාරයේ අධිපතිධූරයේ වසර දෙකක පමණ කාලයක් ගත කර නැවත ඉන්දියාවේ සංකස්සපුරයට වැඩම කළහ. එහි පුණර්ජිවන කටයුතු සඳහා උන්වහන්සේ මහත් මෙහෙයක් ඉටු කළ අතර එහි විශ්මිත දියුණුවක් ඇති කළ යතිවරයානන් වහන්සේ නමක් ලෙස ප්‍රකටය.
දේහය මාතර කිරින්ද පුහුල්වැල්ල පුර්වාරාම පිරිවණේ තැන්පත් කර ඇති අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දීමට නියමිතය.