දඹුල්ල කුරුණෑගල පාරේ ගමන් කළ කන්ටේනරයක් පාරේ ගසක අත්තක හැපීමෙන් කන්ටේනරය පාරේ ගිය වෑන් රියක වැදුනේය. කන්ටේනරය ලිස්සා එනු දුටු වෑන් රියදුරා තිරිංග පාගා වෑන් රිය නතර කැර නොගත්තේ නම් එහි ගමන් කළ දස දෙනා ඊට යටවී යෑමට ඉඩ තිබිණි. වෑන් රියදුරා පමණක් සුළු තුවාල ලැබීය.
