(ඩයනා උදයංගනී)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් අපේ ජනබල පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ඊයේ (18) නාම යෝජනා අත්සන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග සහ හිටපු බස්නාහිර පළාත් සභා ඇමති ගාමිණී තිලකසිරි යන මහත්වරු අද (19) උදෑසන තමන්ගේ නම් නාමයෝජනා පත්‍රයෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ කිරීමට නාම යෝජනා අත්සන් කර තිබිණි.
එම දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අය වූ අතර ඔවුන් මෙන්ම එම පක්ෂය නියෝජනය කළ ප්‍රසන්න සෝලංගආරච්චි මහතාද අපේ ජන බල පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඊයේ නාම යෝජනා අත්සන් කළහ.
ජීවන් කුමාරතුංග, ගාමිණී තිලකසිරි යන මහත්වරු ඉවත්වීමට හේතු නොදන්නා බවත් තමා පෙර තීරණය කළ පරිදි අපේ ජන බල පක්ෂයෙන් තරඟ කරන බවත් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය.

