ජීනිවා මානව හිමිකම් සභාවට වාජලිංගම් - ශෂිධරන් දෙදෙනාත් යෝජනා යවති


ජීනිවා  මානවහිමිකම්   සභාවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා ඇතුළත් ලිපියක්  උතුරු පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ වාජලිංගම් මහතා සහ මන්ත්‍රීවරියක වන ආනන්දි ශෂිධරන් මහත්මිය  විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට බාර දෙනු ලැබීය.
 
 පසුගිය මස ආරම්හ වූ ජිනීවා මානව හිමිකමි සභාව වෙත ශ්‍රී ලංකාව පිළිබදව  කරුණු  ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  උතුරු පලාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඇතුළු නියෝජිතයින්  තිදෙනකු පත් කර ඇත.
 
 එහිදී ජිනීවා මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කිරීමට ඇති යෝජනා තමා වෙත ලබාදෙන ලෙස උතුරු පලාත් සභා මන්ත්‍රීවරුන්ට,ආගමික නායකයින්ට,හා රාජ්‍ය නොවන සංවිධාන වලින් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා  කළ ඉල්ලීමක් අනුව මෙම ලිපිය සකස් කර තිබේ.
 
 එමෙන්ම  පළාතේ ජනතාවටද එයට අදහස් දැක්වීමට   සම්බන්ද  වීමට ඉඩ සලස්වමින් මේ මස මස 13 වන බදාදා පැවැත්වෙන මහජන දිනයේදී ද ජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.
 
 ඒ අනුව එහි පළමු යෝජනාව ජිනීවා මානව හිමිකම් සහාව වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස ලිපියක් ආණ්ඩුකාර කාර්යාලයට බාර දී තිබේ.

(36698)