සංවත්සරය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයකි. එතැන සියල්ලම සිදුවනුයේ විනයක් ඇතිවය. ඒ නිවස්නයේ සම්ප්‍රදායයි. රාත්‍රී භෝජනයේ නියමිත ඇඳුමද එහි කොටසකි. මහා ලේනා හා බිරිය ආරාධිතයෝය.
ආරාධිතයාත් ඔහුගේ බිරියත් ආහ. නිවස්නයේ ලොක්කන් මුහුණෙන් මුහුණ බලාගත්තේ ඒ දෙදෙනා ඇතුළු වද්දීය. හේතුව පැහැදිලිය. අනාරාධිතයට එම නිවස්නයට ඇතුළු විය නොහැකිය. මහ ලේනාගේ දෝණිය ඔවුන් සමගය. ඔවුන් මුහුණ පෑ ප්‍රශ්නය දෝණිය අනවසරයෙන් පැමිණීමම නොව ඇගේ ඇඳුමයි.
ජීන්ස් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටි ඇය ඒ රෑ කෑමට කිසිසේත්ම නොගැලපෙන බව බූට් සපත්තු ගැටුණු හඬින් පමණක් නොව ඔවුන්ගේ මුහුණු වලින්ද පැහැදිලි විය.
ඒත් කළ හැකි දෙයක් නොවීය. නිවස්නයේ රාත්‍රී භෝජනයේ ඇඳුමේ නීතිය එදා අමු අමුවේ ඉවත් කිරීමට කාට කාටත් සිදුවිය.

